මානව හිතවාදය හා එතෙර වියත්හු | Manawa Hithawadaya Ha Ethera Viyathhu [ePub]

by මාර්ටින් වික්‍රමසිංහ

ගැහැනු දරුවන් 9 දෙනකුගෙන් යුත් පවුලක එක ම පිරිමි දරුවා ලෙස 1890 මැයි 29 දා උපන් මාර්ටින් වික්‍රමසිංහයන් ගුරු ගෙදරින් හා ගමේ පන්සලෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවේ ය.

පාලි, සංස්කෘත මෙන්ම සිංහල භාෂාවේ මූලික දැනුම පන්සලෙන් ලබාගත් වික්‍රමසිංහයන් ගාල්ල බොනවිස්ටා විද්‍යාලයෙන් ඉංගි‍්‍රසි අධ්‍යාපනයේ පදනම උකහා ගත්තේ ය.

පියාගේ මරණයෙන් පසු අතරමඟ පාසල් අධ්‍යාපනය නවතන වික්‍රමසිංහයන් කොළඹ වෙළඳ සැලක ලිපිකරුවකු ලෙස සේවයට බැදෙන්නේ නිවසේ එන අගහිඟකම් වලට පිළියමක් ලෙසිනි.

වික්‍රමසිංහයන් පුවත්පත් ලේඛනයට පිවිසෙන්නේ කියැවීමේ රුචියේ ප්‍රතිඵලයක් ලෙස ය.

ඒ අනුව 1920 දී දිනමිණ පුවත්පතේ සේවයට බැඳෙන වික්‍රමසිංහ 1924 දී විජිත මනුවරණ ලෙස ද 1930 ‘මයුරපාද’ ලෙස ද ලිපි ලියූ අතර සාහිත්‍ය විචාරය, පුරා විද්‍යාව, හා කාලීන සමාජ දේශපාලනය ඔහුගේ ලිපිවල මූලික ප්‍රස්තුතය බවට පත්වෙයි.

1931 සිළුමිණ කතු බවට ද 1932 දිනමිණ කතු බවට ද පත්වන වික්‍රමසිංහයන් 1946 දී දිනමිණ කතුකමින් අස්වී වෘත්තීය ලේඛනයට පිවිසිණි.
සිංහල යථාර්ථවාද නවකතාවේ ආරම්භය සලකුණු කළ සීතා, අයිරංගනි කෘති රචනයෙන් පමණක් නොව, ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, විරාගය හා බවතරණය ආදි නවකතා ද ඔහුගේ දැක්ම සටහන් කළ ග්‍රන්ථයෝ ය.

ඔහුගේ කෘති අතර මඩොල්දූව වඩාත් වැදගත් වන්නේ ළමා මනස පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් ද එහි ගැබ් ව ඇති හෙයිනි.

තේරි ගී, විචාර සම්ප්‍රදායන්, සෝවියට් දේශයේ නැඟීම, වැනි කෘති මෙන්ම පරිසරය දෙස විමසිලිමත් වෙමින් සත්ත්ව පරිණාමය, කුරුමිණි සතා ආදි කෘති රාශියක් ද ඔහු රචනා කළේ ය.

පරිසරයට, සමාජයට, ජීවිතයට අතිශය සංවේදී වූ වික්‍රමසිංහයන් ඔහු කියවන ලද පෙර අපරදිග උසස් සාහිත්‍යයෙන් ලත් දාර්ශනික අත්දැකීම් හා රිතින් ගුරු කොට සිය නිර්මාණ ගොඩ නැගීමට වෙහෙසුණි.

එබැවින් ඔහු පුරෝගාමී පීතෘ සාහිත්‍යකරුවකු ලෙස ස

17.10.2011

Download

FormatSourceLink
EPUBZippyShare
PDFRapidShare
TXTUploadCare
PDFFile-Upload
FB2FileStack
Back to Top